2018 ජුනි 30 වන සෙනසුරාදා

විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

I දේශපාලන වාර්තාකරු

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට රජයට බලකරන්නැයි කියමින් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංවිධානයට (IPU) වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධය සැරසෙන බව දේශයට වාර්තාවෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් 54 දෙනෙක් හා පසුගියදා රජයෙන් ඉවත් වූ මන්ත්‍රීන් 16 දෙනාද සමඟ මන්ත්‍රීන් 70කගේ සහය ලැබෙන මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම මෙම පෙත්සමේ අරමුණයි. දැනටමත් මේ ගැන විවිධ අවස්ථාවල කතානායකවරයාට මේ ගැන ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් ප්‍රතිචාරයක් නොමැති බැවින් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනයාමට ඒකාබද්ධය තීන්දු කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.